මළවුන් සැමරීම ඥාතීන්ගේ අයිතියක් වුවත්, ත්රස්තවාදීන් සැමරීම හිංසාවාදී මෙන්ම දේශද්‍රෝහී ක්‍රියාවක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ උතුරු පළාතේ පැවැත්වීමට සූදානම් වූ එල්.ටී.ටී.ඊ. සැමරුම් උත්සව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
දෙමළ ජාතික මහජන පෙරමුණ සැමරුම් උත්සව කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණත්, ඒ පිළිබඳව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට (18දා) සිට දින 14 ක් තුළ අදාළ සැමරුම් මුලතිව් පොලිස් බල ප්‍රදේශය තුළ පැවැත්වීම තහනම් කර තිබුණි.