රටවල් කිහිපයක මෙන්ම කැනඩාවේද ත්‍රස්ත ක්‍රියාකාරකම් වැඩිවීම සම්බන්ධයෙන් තම කනස්සල්ල පළ කරන බවත් ත්‍රස්තවාදී උවදුර තුරන් කිරීමට සම හවුල්කරුවන් වශයෙන් අප සැවොම එක්විය යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.
ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර ඇත්තේ ඊයේ (22දා) කැනඩා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති වූ වෙඩි හුවමාරු සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.
කැනඩාවේ අගනගරය වන ඔටාවා හි යුධ ස්මාරකය අසල රාජකාරියේ සිටි සෙබළෙකු වෙත මෙම ප්‍රහාරය මුලින්ම එල්ල වූ බවත්, පසුව තුවක්කුකරු පාර්ලිමේන්තුව තුළ වෙඩි තැබීමක් සිදු කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. එමෙන්ම, කැනඩා රජය සිය ත්‍රස්ත අවදානම ඉහළ දැමීම සම්බන්ධයෙන් දැනුම් දී පැය කිහිපයකට පසු මෙම ප්‍රහාරය සිදුවීමද විශේෂත්වයකි.