වත්මන් ආණ්ඩුව ත්‍රස්තවායද පිළිබඳ ළාමකව සලකා බැලූ බවත්, ඒ අනුව ජාත්‍යන්තර තුළ ශ්‍රී ලංකාව ත්රස්තවායදට මුදල් සපයන රටක් ලෙස නම්ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය හා ත්රස්තවායදයට මුදල් සැපයීමට එරෙහිව කටයුතු නොකිරීම හේතුවෙන් යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව අසාදුගත කිරීම පිළිබඳ 'අද'ට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියේය.
“අපට මඩ ගසන්න, අපට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ බොරුවට නඩු දාපු ආණ්ඩුවට දැන් දිට්ඨධම්මවේදනීය කර්මය පළදීලා තියෙනවා. මේ වන විට ශ්‍රී ලංකා රජය මුදල් විශුද්ධිකරණය කරන බවට අසාදුගත කර අවසන්.ලෝකයක් ජයගත්තා කියන ආණ්ඩුව දැන් ත්රස්තවාදයට මුදල් සපයන බවට චෝදනා එල්ල වී තිබෙනවා” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.