ලෝකයෙන් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ජත්‍යන්තර සමග අත්වැල් බැඳ ගැනීමට සූදානම් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ස්පාඤ්ඤයට එල්ල වූ ත්රස්තප්රහාරය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
පෙරේදා (17දා) ස්පාඤ්ඤයට මෙම ත්රස්තප්රහාරය එල්ල වූ අතර ඒ පිළිබඳව ස්පාඤ්ඤ රජුට කනගාටුව ප්‍රකාශ කරමින් ජනපතිවරයා සඳහන් කරන්නේ ලෝකය පුරා එල්ල වන ත්‍රස්ත ප්‍රහාරය හමුවේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිම සඳහා කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය බව මෙයින් පැහැදිලි වන බවයි.