තරුණ පරපුර ත්රස්තවාදයේ හා අන්තවාදයේ ගොදුරු බවට ඉතා පහසුවෙන් පත්වන බවත්, මේ තත්ත්වය වෙනස් කිරීමේ හැකියාව පවතින්නේද තරුණ පරපුර අත බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා පවසා සිටියේය.
ජගත් සංවිධාන මහලේකම්වරයා මෙසේ පවසා සිටියේ අද (01දා) පස්වරුවේ ගාල්ල, හෝල්ඩිගෝල් ශාලාවේ පැවති සංහිඳියාව පිළිබඳ තරුණ හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැන් කී මූන් මහතා,
"මෙහි සිටින බොහෝ දෙනෙක් පසුගිය යුද සමයේ උපත ලබා එහි කුරිරු බව අඩු වැඩි වශයෙන් අත්විඳි අයවලුන් බව මගේ විශ්වාසයයි. අද ලෝකයේ සෙසු රටවල් දිහා බැලුවත් තරුණ පරපුර ත්රස්තවාදයේ හා අන්තවාදයේ ගොදුරු බවට ඉතා පහසුවෙන් පත්වෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීමේ හැකියාව පවතින්නේද තරුණ පරපුර අතයි. ඔබට එය කළ හැකියි. ඔබේ විවෘතභාවය සහ අනෙකාට ඇහුම්කන් දීමට දක්වන කැමැත්ත, එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධයට මෙන්ම සාමකාමී සහජීවනයටද හේතුවක් වෙනවා" යැයි පවසා සිටියේය.