තහනම් පන්න භාවිත කරමින් ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් සඳහා ලබාදෙන සිර දඬුවම වසර දෙකක් දක්වා වැඩි කිරීම කටයුතු කරන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. ධීවර හා ජලජ සම්පත් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවේ අද (06දා) පැවැති විවාදයකදී ඔහු මේ බව සඳහන් කළේය.