ශ්‍රී ලංකාවේ තේ ඇතුළු කෘෂිකාර්මික ද්‍රව්‍ය ආනයනය තාවකාලිකව නැවැත්වීමට රුසියාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කළ තේ තොගයක කුරුමිණි විශේෂයක් සිටීම හේතුවෙන් හෙට (18දා) සිට රුසියාව තාවකාලිකව ශ්‍රී ලංකාවෙන් කෘෂි කාර්මික ද්‍රව්‍ය ආනයනය නවත්වා ඇත.