තවදුරටත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නිවේදනය කරයි.
ඒ අනුව බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඌව සහ නැගෙනහිර පළාත් වල සවස 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් අද අලුයම 5.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වෙයි.
එසේම තවද දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල) සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.