සාමසාධක හමුදාව සඳහා හයිටි රාජ්‍යයට සහභාගි වන 20වැනි සාමසාධක හමුදා කණ්ඩායම නොවැම්බර් මස 13 වැනි දින මෙරටින් පිටත්වීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා 'අද' ට පැවසීය.
මෙවර සාමසාධක කණ්ඩායම යුද, ගුවන්, නාවික හමුදා නියෝජනය කරමින් නිලධාරීන් සහ සෙසු නිලයන් 850ක් සහභාගි වීමට නියමිතය.