සෞඛ්‍ය අමාත්‍යාංශයට බලෙන් ඇතුළු වී එහි දේපළ වලට හානි කිරිමේ සිදුවීමට අදාළව තවත් වෛද්‍ය සිසු නායකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රාගම වෛද්‍ය පීඨයේ සිසුවෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
මේ අතර ඊයේ දිනයේදි සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයද පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. ඊට පෙර අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුද පොලිස් අත්අඩංගුවට ගත්තේය.
පොලීසිය පවසන්නේ සිද්ධියට අදාළව සිසුන් 100ක් පමණ හඳුනාගෙන ඇති බවයි.