වනජීවී දෙපාර්තමේන්තුවට තවත් පශූ වෛද්‍යවරුන් 06 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරන බවත්ඒ සම්බන්ධයෙන් පශූ වෛද්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් ද සිදු කර ඇති බවත් වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා කීය.
වසර 15කින් පමණ වනජීවී දෙපාර්තමේන්තුවට පශූ වෛද්‍යවරුන් බඳවාගෙන නොමැති අතර පශූ වෛද්‍යවරුන් බඳවා ගැනීමට අවශ්‍ය බව තමන් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇති බව ද අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.