තවත් ඇමති මාරුවක් අත ළඟයි
ඉදිරියේදී නියෝජ්‍ය ඇමතිවරු හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂයන් වෙනස් කිරීමට නියමිත බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා පැවැයී.
ඒ හරහා ඉදිරි වසර 04 රටේ සංවර්ධනයට යොදවන බවත් ඇමති මණ්ඩලය වෙනස් කළේ රටේ අවශ්‍යතාවට බවත්යි ඔහු පැවැසීය.
"අපි ආණ්ඩුවක් භාර ඇරගෙන වසර 02ක් ගියා. ඒ අවුරුදු 02 තුළ ඇතිවූ ප්‍රශ්න දිහා බලලා සමහර අමාත්‍යාංශවල ඇතිවූ ගැටලු නිසා ඇමැති මණ්ඩලය වෙනස් කළා" යැයි ඒ මහතා පැවසීය.
මොණරාගල බන්ධනාගාරයේ අද 24දා පැවති සංචාරයකින් පසු අනතුරුව අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව පවසා සිටියේය.
"මේ වන විට අපේ රට ඉන්න ඕන මෙතැන නෙමෙයි මැලේසියාවට ඔස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙනුයි. එයට හේතුව අපේ රටේ සියලු සම්පත් තිබීමයි. යුද්ධය නිසා සිංහල, දෙමළ, මුස්ලිම්, එල්.ටී.ටී. ඊ ආදී තරුණ පිරිස් නැති වුණා. මේ සියලුදෙනාම අපේ රටේ තරුණ තරුණියන්.
මේ ප්රශ්නය මහින්ද ජනාධිපතිවරයා අවසන් කළා. දැන් තියෙන්නේ රට ගොඩ නගන්නයි. ඒක අපි කරන්න ඕන. ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා මේක කරන්න බැහැ. අන්තවාදීන් හැමතැනම ඉන්නවා. ඒ අන්තවාදීන් හරහා රට යුද්ධයකට තල්ලු කිරීමට ජාත්‍යන්තරය උත්සාහ කරනවා. ජාත්‍යන්තරය කැමති නැහැ ලංකාව උඩට එනවට. අපි කුමන ජාතියක හිටියත් අපේ රටට එහෙම වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ." යැයිද පවසා සිටියේය.
ඇතිමලේ අයි.ජී.ජේ නයන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

