මිරිස්ස ධීවර වරායෙන් තලමසුන් බැලීම සඳහා බෝට්ටුවකින් ගමන් කළ විදේශීය ජාතිකයන් පිරිසක් අතරින් එක් විදේශීය ජාතිකයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලීසිය කියයි.
ඊයේ (31දා) මෙම සිදුවීම සිදුව තිබේ. ගැඹුරු මුහුදේදී මෙම ස්වීඩන් ජාතිකයාට අසාධ්‍ය වී ඇති අතර ඔහු මාතර රෝහලට ඇතුළත් කිරීමෛන් පසුව මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 74ක් වයසැති ඇන්ඩ්‍රේස් ටොර්බ්ජොර්න් නම් පුද්ගලයෙකි.