තලංගම විමලතිස්ස මාවතේ නිවසක යුවළකට සිදුකළ වෙඩි තැබීමකින් එහි ස්වාමිපුරුෂයා මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
නිවසේ ඉදිරිපස දොර කඩා පැමිණ මෙම වෙඩි තැබිම සිදුකර තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ අද (18දා) අලුයම 2.30ට පමණය.
තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 51ක් වන වර්ණකුලසූරිය ක්රිස්ටීන් ප්රනාන්දු නම් අයෙකි. වෙඩි තැබූ පුද්ගලයන් හෝ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත.