තලංගම පොලීසියේ පිටුපස පාරේදී ඇතිවූ බෝම්බයක් පිපිරීයාමට අමතරව එම ස්ථානයේ තිබූ තවත් බෝම්බයක් බෝම්බ නිෂ්ක්රීය අංශය විසින් නිෂ්ක්රීය කර තිබේ.
කාන්තාවකට සිදුකළ අයුතු යෝජනාවක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව එය විභාග කිරීමට කැඳවා සිටි කණ්ඩායමක් විසින් මෙම පිපිරීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පහළ කරනු ලබයි.
පුපුරා ගිය බෝම්බය නිසා තිදෙනෙකු මියගොස් තිබෙන අතර, තුවාල ලබා තවත් අයෙකු රෝහල්ගත කර ඇත.