පොළොන්නරුව, තඹාල රිෆායි ප්‍රදේශයෙන් ඉපැරණි ස්ථූපයක නටබුන් ඊයේ (09දා) සොයාගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජෙනරාල් ක්‍රිෂාන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මෙතෙක් කාලයක් මෙම ස්ථූපය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේලියාපදිංචි වී නැතත්, මෙම ස්ථානය පුරාවිද්‍යා හා මානව විද්‍යා ගවේෂණය තුළින් සොයාගත හැකි වූ බව ගුණවර්ධන මහතා පැවසීය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ක්‍රිශාන්ත ගුණවර්ධන මහතා,
"පොළොන්නරුව පුරාවිද්‍යා සහ මානව විද්‍යා ගවේෂණය මගින් මේ වනවිට තඹාල ගමේ ඉපැරණි ස්ථූපයක නටබුන් අපි සොයාගෙන තිබෙනවා. මේ ස්ථානයේ ඇති වැදගත්කම තමයිදීර්ඝ ඉතිහාසයකටයැයි සැකකරන්න පුළුවන් ඉපැරණි ගඩොල් විශාල ප්‍රමාණයක් අපි මේ භූමියෙන් සොයාගෙන තිබෙනවා. නමුත් කාලයක සිට මේ ස්ථානය පිළිබඳ නිසි අධ්‍යයනයක් කරනොතිබුණු නිසා මෙහි විශාල කොටසක් මනාව ක්‍රියාකරකම් නිසා විනාශ වී ගොස් තිබෙන බව පෙනීයනවා.
මානව හා පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම මගින් සොයාගත් මෙම පැරණි ස්ථූපය පිහිටි ස්ථානය පිළිබඳව පර්යේෂණ කැණීමකට ලක්කොට මෙහි ඇති නියම යථා ස්වභාවය කුමක්ද කියලා අපි සොයාගන්න කටයුතු කරනවා.
ඒ වාගේම මේ ස්ථානය පිළිබඳව ඇති වැදගත්කමත් මේ ස්ථානයේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමත් තේරුම් ගැනීම සඳහා ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා මේ ස්ථානය ගැසට් පත්‍රයකින් ඉතා වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් ලෙස පත්කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දීමට කටයුතු කරනවා." යැයි පැවසීය.