යුරෝපා අධිකරණය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරිමත් සමග එම සංවිධානයට හිතවත් තමිල්නාඩු දේශපාලන පක්ෂ නව පණක් ලබා තිබෙන බව ද හින්දු පුවත් සේවය කියයි.
පී.එම්.කේ. පක්ෂයේ නායක එස්. රාමදෝස් පවසන්නේ ඉන්දියාවද යුරෝපා අධිකරණය ගත් ක්රියාමාර්ගය ක්රියාත්මක කළ යුතු බවයි.
එසේම ඇමෙරිකාවේ මෙන්ම කැනඩාවේ ඇති එල්.ටී.ටී.ඊ. තහනම ඉවත්කළ යුතු බවත් රාමදෝස් පවසයි.
වී.සී.කේ. පක්ෂයේ නායක තොල් තිරුමාවලන් පවසන්නේද ඉන්දියාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා ඇති තහනම ඉවත් කළ යුතු බවයි.