තම මවට උවැටන් කරන 13 හැවිරිදි බෝසත් පුතා
එක් පාදයක් අහිමි වූ සිය මවට උපස්ථාන කරමින් ඉතා දුකසේ දිවිගෙවන දහතුන් හැවිරිදි දරුවෙකු ගලේවෙල කරවිල වැල්යාය ප්‍රදේශයේ සිටියි.
පී.කේ.ජී. සුදේශ් කුමාර ඔහුය. මේ කුඩා දරුවාගේ මව වන අයි.ජී. සමන්ති කුමාරි (39) මහත්මියගේ එක් පාදයක් හදිසියේ ඉවත් කිරීමට සිදුව ඇත. සිය පියා වන පී .කේ .ජී .සුනිල් (68) මෙම දෙපළ ජීවත් කරවන්නට කොළඹ ප්‍රදේශයේ අත් උදවුකරුවෙකු ලෙස සේවය කරයි.
පුංචි සුදේශ් පියා නොමැති වුවද සිය මව පෝෂණය කරමින් සියලු ඇගේ සියලු කටයුතු ඉටුකරයි. මොරගොල්ල පාසලේ 8 වසරේ ඉගෙනුම සිය පුතු සැමදිනම හිමිදිරියේ අවදි වී තමාගේ සියලු දේ ඉටු කොට පාසලට යන බව ඔහුගේ මව පවසා සිටියාය .
මේ පවුල ජීවත් වූ කටුමැටි නිවස කඩාවැටීම නිසා මේ වන විට සුදේශ් ගේ පියාගේ සහෝදරයෙකුට අයත් කුඩා නිවසක ඔවුහු දිවි ගෙවති. මේ බෝසත් පුතුට ඇති එකම සපත්තු දෙක පොත් බෑගය මහන්නට තැනක් නැත. ඉගෙනීමට දක්ෂ මේ දරුවාගේ එකම බලාපොරොත්තුව අනාගතයේ වෛද්‍යවරයෙකු බවට පත්වීමය. ඒ තම මව මෙන් සිටින ජනතාව සුවපත් කිරීම බව සුදේශ් පවසා සිටියි.
මේ කුඩා දරුවා අම්මා රෝද පුටුවක තියාගෙන අහල පහළ ගෙවල් වලට ගොස් ඒ අයගේ උදව් උපකාර ආදී ලබාගනී. මේ දරුවාට හා පවුලට උදව්වක් කරන්නට හැකිනම් එය මහත් උපකාරයක් වනු ඇත.
සම්බන්ධ කර ගත හැකි අයුරු 077-5514970
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

