අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ල (20) අද (25දා ) අලුයම වන විට විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පවසයි.
දොරටු 06ක් අඩි 03 බැගින්ද, දොරටු 12ක් අඩි 01 බැගින්ද සහ දොරටු 02ක් අඟල් 06 බැගින්ද විවෘත කළ බවත් එම කාර්යාලය පැවසීය.
මෙගින් තත්පරයට ජලය ඝන අඩි හයදහසක් (6000ක්) මුදාහැරෙන බවත් මෙම වාන් ජලය නර්ඔය ඔස්සේ මී ඔයට ගලායන බවත් එබැවින් එම ඔයවල් දෙපස පදිංචි ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස දැනුවත් කිරීම සිදු කර තිබේ.
කරුවලගස්වැව ජයරත්න වික්රමාරච්චි