පුත්තලම සෙල්ලන්කන්දල් රක්ෂිතය තුළ මැරි සිටී දළ ඇතාගේ මරණයට හේතුව විස ශරිර ගතවිමක් බව වන ජීවි පශු වෛද්‍යවරුන් ( 10දා) දින සවස පැවති පශ්චාත් මරණ පරික්ෂණයේදි තහවුරු වී තිබේ.
වනජීවි පශු වෛද්‍යවරුන් වන චන්දන ජයසිංහ සහ පුත්තලම සහ කුරුණෑගල භාර ඉසුරු හේවා කොට්ටගේ යන පශු වෛද්‍යවරුන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ වලදි හෙළිකර ගෙන තිබුනේ පුත්තලමේ තනි දළයා නැමති ඇතාගේ මරණය සිදුව ඇත්තේ කිසියම් විස සහිත දෑ ශරිර ගතවිමක් නිසා බවයි.
කෙසේ නමුත් ශරිරයේ කොටස් වැඩි දුර පරික්ෂණ සඳහා රැගෙන යාමට කටයුතු කර තිබුණි.
වයස අවුරුදු 30 ක් පමණ වූ මෙම තනි දළයා වස ර 15 කට වැඩි කාලයක් පුත්තලම සෙල්ලන්කන්දල් හා කල්අඩිය රජයේ වන රක්ෂිත ආසන්යේ රැදි සිටි බව ජනතාව පවසයි .
පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව දංගහවල විහාරස්ථානයේ විහාරාධිපති උඩගම කෝලිත හිමියන් වැඩමවා ආගමික වතාවත් ඉටු කිරිමට පුත්තලම වන ජීවි අලි පාලන එකකයේ ස්ථානාධිපති එච්.ඒ .චන්ද්‍රසිරි මහතා ඇතුළු නිළධාරින් කටයුතු කර තිබුණි.