පෞද්ගලික අංශයේ සේවකයින්ට සේවක අර්ථ සාධක මුදලින් සියයට 30ක පූර්ව ප්රතිලාභ ගෙවීමට අදාළ අයඳුම්පත් භාර දී මසක් ඇතුළත ගෙවීම් කටයුතු කිරීමට හැකියාව පවතින බවත් තිබූ තදබදය දැන් අවසන් වී ඇති බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩි.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය.
අද(30) පෙරවරුවේ කම්කරු හා වෘත්තීය අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අමාත්‍ය ඩබ්ලිව්.ඩි.ජේ.සෙනෙවිරත්න මහතා මේ බව සඳහන් කළේය.
සේවක අර්ථ සාධක මුදලින් සියයට 30ක් ලබාගැනීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමේ අයඳුම්පත් 82,771ක් මේ වන විට ලැබී ඇති බවත් ඉන් සුදුසුකම් ලැබූ 75,905 දෙනෙකු සඳහා ඊට අවශ්‍ය අයඳුම්පත් තැපැල් කර ඇති බව වාර්තා වෙයි.