තද වැසි, තද සුළං හා රළු මුහුද පිළිබඳව රතු නිවේදනයක්
තද වැසි, තද සුළං හා රළු මුහුදු පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු වර්ණයෙන් යුත් නිවේදනයක් නිකුත් කර තිබේ. ඉදිරිය පැය 12 සඳහා අද (30දා) පෙ.ව. 9.30ට මෙම නිවේදනය නිකුත් කර ඇත.
දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පැවැති ගැඹුර පීඩන අවපාතය මේ වන විට කොළඹ සිට කිලෝ මීටර් 300 බස්නාහිර දෙසින් පවතින බවත් ඉදිරි පැය කිහිපයේදී එය සුළි කුනාටුවක් බවට වර්ධනය වෙමින් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් නිරත දිග ප්‍රදේශවල තද වැසි හා විටින් විට හමන තද සුළං පැයට කිලෝමීටර් 60 – 70 පමණ බලාපොරොත්තුවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව හා බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100-150 ඉතා තද වැසි බලාපොරොත්තුවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
දිවයිනේ බස්නාහිර, දකුණ වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුර මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං හා ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරෝත්තු වන බවත් සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර් 90-100 දක්වා වැඩිවිය හැකි බවත් ඔවුන් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


