තද වැසි තද සුළං හා රළු මුහුද - රතු නිවේදනයක්
දිවයින ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වනවිට දිවයිනට නිරිත දෙසින් පවතින අතර, එය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය රතු නිවේදනයකින් පවසයි.
දිවයිනේ, විශේෂයෙන් දකුණු සහ නිරිතදිග ප්‍රදේශවල තද වැසි සහ විටින්විට හමන ඉතා තද සුළං (පැ.කි.මී.80ක පමණ) බලාපොරොත්තු වන බවද සඳහන් වේ.
දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවත්, අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි වැසිද ඇතිවිය හැකි බවත් කියැවේ.
එමෙන්ම, දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ (විශේෂයෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල) බලාපොරොත්තු වේ.
සුළඟේ වේගය විටක පැ.කි.මී. 90 - 100 දක්වා වැඩිවිය හැකි බවත්, ධීවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් එම නිවේදනයෙන් ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

