තක්සේරුකරුවන්ට ජනපති සමග සාකච්ඡාවට අවස්ථාවක්
රජයේ තක්සේරුකරුවන්ට ඇති වී තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවස්ථාවක් ලබාදීමට පොරොන්දු වීම නිසා දියත් කිරීමට නියමිත ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග නවතා දැමූ බව රජයේ තක්සේරු නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට ඇති සැලසුම අවලංගු කරන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඉකුත් නොවැම්බර් 22 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත්කරමින් සිටින බවද එම සංගමයේ ලේකම් ඩී.එම්. සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මේ අනුව අඛණ්ඩ සත්යග්රහ ව්‍යාපාරයක් පසුගිය 22 වැනිදා සිට ආරම්භ කළ බවත්, එම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොලැබීම නිසා ක්ෂේත්රයට ගොස් තක්සේරු කටයුතු කිරීම නවතා දැමූ බවත් ඔහු පවසා සිටියේය.
මේ සඳහා ප්‍රතිචාර නොලැබීම නිසා සියලුම සංවර්ධන කටයුතුවලින් හා ඉඩම් පවරාගැනීමේ තක්සේරු කටයුතුවලින් ඉවත්වීමට සැලසුම් කර තිබූ බවද ඒ මහතා පවසා සිටියේය. එහෙත් මේ මස 20 වැනිදාසාකච්ඡාවකට පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරාධනාකර තිබෙන හෙයින් මේ සති අන්තයේදී ක්‍රියාත්මක කිරීමට තිබූ සංවර්ධන කටයුතු හා ඉඩම් පවරාගැනීමේ තක්සේරු කටයුතුවලින් ඉවත් වීමේ තීරණය තාවකාලිකව අත්හිටුවූ බවද ලේකම්වරයා පවසා සිටියේය.
එහෙත් අඛණ්ඩ සත්‍යග්‍රහය දිගටම සිදුකරමින් ක්ෂේත්රයට ගොස් තක්සේරු කටයුතුවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවදහෙතෙමපවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


