රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට ගෙන ඇති තීරණය අහෝසි කර නව ක්‍රමවේදය සතියක් තුළ ක්‍රියාත්මක නොකළොත් සියලුම සංවර්ධන ව්‍යාපෘති තක්සේරු කිරීමෙන් ඉවත් වන බව රජයේ තක්සේරු නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රාජ්‍ය ආයතනයක් වන තක්සේරු දෙපාර්තමේන්තුව දියුණු කිරීම සඳහා 2014.12.12 වැනිදා ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ බවද ඊයේ (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමයේ ලේකම් ඩී.එම්. සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
එහෙත් එම වැඩපිළිවෙළ පැත්තකට දමා තක්සේරු දෙපාර්තමේන්තුව දියකර හැරීම සඳහා වැඩපිළිවෙළක් දියත් කර තිබෙන බවත්, මීට අමතරව දෙපාර්තමේන්තුවේ කටයුතු පෞද්ගලික අංශය වෙත පැවරීමට සැලසුම් කර තිබෙන බවද ලේකම්වරයා පවසා සිටියේය.
මෙයට එරෙහිව පසුගිය 22 වැනිදා අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළ බවත්, සතියක් තුළ විසඳුම් නොලැබුනහොත් සංවර්ධන ව්‍යාපෘති තක්සේරු කිරීමෙන් ඉවත් වන අතර, ඒ හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම නැවතී යන බවත් හෙතෙම සඳහන් කළේය.