රජයේ මූල්‍ය විනය හේතුවෙන් 6.6%ක් පැවැති ණයගැනීමේ ප්‍රතිශතය 5.1% දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
තරුණ වෘත්තීයවේදින්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද 'නව යහපාලන රජයට වසරක්' පිරිම නිමිත්තෙන් වූ උත්සවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ එම මූල්‍ය විනය හේතුවෙන් මේ වසරේ තිබූ ආදායම්ද 10.4% - 13.9% දක්වා වැඩි කර ගැනීමට වත්මන් රජයට හැකි වූ බවය.