රටේ ණය අර්බුදය පිළිබඳව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීම සඳහා රුපියල් මිලියන 26කට වැඩි මුදලක් (රුපියල් විසිහය මිලියන අටලක්ෂ හැටදෙදහස් හත්සිය පහළොවයි සත හතක්) වත්මන් රජයට වැයවී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවසීය.
2005-2014 අතර කාලය තුළ වැඩිවූ රාජ්‍ය ණය ප්‍රමාණය සමග සැසඳීමේදී මෙම ප්රචාරක වියදම 0.0005%ක් ලෙස සැලකිය හැකි බවද අගමැතිවරයා සඳහන් කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ගොනුකර තිබූ පැනයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව පැවසීය. රාජ්‍ය රූපවාහිනී ආයතන සඳහා රුපියල් 2,337,993ක මුදලක්ද, පෞද්ගලික රූපවාහිනී ආයතන සඳහා රුපියල් එකොළොස් මිලියන අටදහස් දෙසීය දහතුනක මුදලක්ද වැයවී ඇතැයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය,
එසේම රාජ්‍ය ගුවන්විදුලි ආයතන සඳහා රුපියල් 339,668ක මුදලක්ද, පෞද්ගලික ගුවන්විදුලි ආයතන සඳහා රුපියල් දෙමිලියන අටලක්ෂ තිස්දහස් පන්සියයක මුදලක්ද, දිනපතා පුවත්පත් සඳහා රුපියල් තුන්මිලියන හතළිස්දහස් පන්සියපනහක මුදලක්ද, සතිඅන්ත පුවත්පත් සඳහා රුපියල් පස්මිලියන අසූදෙදහස් හත්සියයක මුදලක්ද රජයට වැයවී ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
පසුගිය රජය විසින් ණය සම්බන්ධව මේ අයුරින් ජනතාව දැනුවත් කර නොතිබුණු බවත්, වත්මන් ආණ්ඩුව ණය ලබාගත් ආකාරය පිළිබඳවද ඉදිරියේදී ජනමාධ්‍ය හරහා දැනුවත් කරන බවත් අගමැතිවරයා පවසා සිටියේය. 2015 දෙසැම්බර් 31 වැනිදා වනවිට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,503.2ක් වූ බවත්, ඉන් දේශීය ණයබර ප්‍රමාණය රුපියල් බිලියන 4,959.2ක් ලෙසද, විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,544ක් ලෙසද සඳහන් වන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
2015 වසරේදී වාරික සහ පොලිය ගෙවීම සඳහා රජය විසින් රුපියල් බිලියන 1,318ක් වැයකළ බවත්, 2016 වසරේදී රුපියල් බිලියන 1,211ක් ණය ආපසු ගෙවීම් සඳහා වැයකර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය. 2005 වසරේදී සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,222 ක් වූ බවත්, 2009 අවසන් වනවිට එම ප්‍රමාණය රුපියල් බිලියන 4,161 දක්වා වැඩිවී තිබෙන බවත් පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා, 2014 අවසන් වනවිට සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,391ක් වූ බවද පවසා සිටියේය.
පසුගිය දශකය තුළ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, මර්ග සංවර්ධන අධිකාරිය, නැව් සංස්ථාව, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතන විසින් හැටන් නැෂනල් බැංකුව, මහජන බැංකුව හා ඩී.එෆ්.සී.සී. බැංකුව යන බැංකුවලින් ණය ලබාගෙන තිබුණද එම ණය ප්‍රමාණය මුළු ණය ප්‍රතිශතය තුළ අන්තර්ගත වී නොමැති බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.