ශ්‍රී ලංකාවේ ඩෙන්මාර්ක් තානාපති පීටර් ටක්සෝයි ජෙන්සන් මහතා සහ වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර හමුවක් අද (25) වරාය හා නාවික අමාත්‍යාංශයේදී සිදුවිණ.
පීටර් ටක්සෝයි ජෙන්සන් (Peter Taksoe-Jensen) මහතා ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය සහ මාලදිවයින යන රටවල් හතරෙහිම ඩෙන්මාර්ක් තානාපති වශයෙන් කටයුතු කරන අතර ඔහුගේ තානාපති කාර්යාල පිහිටා ඇත්තේ ඉන්දියාවේ නව දිල්ලි නුවරය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් සමුළුවට(UNDP Conference) සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතරවාරයේදී මෙම හමුව සිදුවිය.
ශ්‍රී ලංකා වරාය ක්ෂේත්රයෙහි ආයෝජන අවස්ථා කවරේදැයි මෙම සාකච්ඡාවේදී පීටර් ටක්සෝයි ජෙන්සන් මහතා විසින් සොයා බැලු අතර දෙරට අතර පවත්නාවූ නාවික වෙළඳ සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳවද මෙම හමුවේදී අවධානය යොමු විය.