ඩෙංගු හැදෙන්නෙ ආත්මාර්තකාමීකම නිසා
වසංගතයක් වෙමින් පවතින ඩෙංගු රෝගී තත්වය පැතිරී යාම මේමස තුළ 25% න් පමණ අඩු කරගැනීමට බලාපොරොත්තු වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය. ඩෙංගු හැදෙන්නේ ආත්මාර්තකාමීත්වය නිසා බවත් ඩෙංගු බෝවීමට කටයුතු කරන්නන්ට මාසයක සිර දඩුවම් ලබාදීමටද නීති ඇති බවත් අමාත්‍යවරයා කීය. දේශපාලනයට ගාවගන්න එපා යැයිද අමාත්‍යවරයා පැවසූයේ අද (09) පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී ආරම්භ වූ පවුලේ සැවොම දැන් සුරක්ෂිතයි" තේමාව යටතේ වු ඩෙංගු මර්දන වැඩ සටහනේදීය.
ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මාධ්‍ය අංශයේ සංවිධානයෙන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය ( ඩෙංගු මර්ධන ඒකකය ), ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසීය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, කොළඹ මහ නගර සභාව සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

