ඩෙංගු වෛරසය වැළැක්වීමට නව බැක්ටීරියාවක්
ඔස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් විසින් හඳුන්වා දී ඇති “Wolbachia” බැක්ටීරියාව, ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීමට යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද නියමිතය. ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය පැතිරවීමේ ප්‍රධාන වාහකයා වන්නේ “Aedes aegypti” මදුරු විශේෂයයි. රෝග ව්‍යාප්තිය පාලනයට පවතින ප්‍රධාන ක්‍රමෝපාය වන්නේ වාහක පාලනයයි. එහිදී වඩා කාර්යක්ෂම සහ පරිසර හිතකාමී වාහක පාලනය සිදු කළ හැකි ජෛව පාලන ක්රමෝපායන් ඉතා වැදගත් වෙයි.
එම නිසා ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් විසින් හදුන්වා දී ඇති නව බැක්ටීරියාව සමහර මදුරු විශේෂ ද ඇතුළුව ලෝකයේ කෘමි විශේෂ 60 කට වැඩි ප්‍රමාණයක ශරීර තුළ හා ස්වභාවිකව ජීවත්වන බැක්ටීරියාවකි. එහෙත් මෙම බැක්ටීරියාව ප්‍රධාන ඩෙංගු වාහක මදුරු විශේෂය වන “Aedes aegypti” මදුරුවන්ගේ ශරීරය තුළ ස්වභාවිකව හමුනොවෙයි. “Wolbachia” බැක්ටීරියාව ආසාදනය වූ මදුරුවන්ගේ ශරීරය තුළ ඩෙංගු වෛරස සම්ප්‍රේෂණ මට්ටම වර්ධනය නොවෙයි. එය මිනිස් ගහනය තුළ ඩෙංගු වෛරසය පැතිරීම සැළකිය යුතු මට්ටමින් අඩු කිරීමට ප්‍රමාණවත් වෙයි.
ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට “Wolbachia” බැක්ටීරියාව ආසාධිත “Aedes aegypti” මදුරුවන් නිදහස් කිරීම ඔස්ට්‍රේලියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, බ්‍රසීලය සහ කොළොම්බියාව යන රටවල සාර්ථකව සිදු කරයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තෝරා ගත් ප්‍රදේශවල ක්ෂේත්‍ර මට්ටමේ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීමට මොනෑෂ් විශ්වවිද්‍යාලය කැමැත්ත පළ කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


