ඉදිරි මාස හයක කාලය තුළදී ඩෙංගු රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේය.
කින්නියා ප්‍රදේශයේ මේ දිනවල පැතිරෙන ඩෙංගු රෝගය Type 2 ඩෙංගු තත්ත්වය බවත්, මාධ්‍ය පවසන ආකාරයෙන් කින්නියා ප්‍රදේශයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ බලපෑම් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය. එසේම මාලදිවයිනේ H1N1 ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිර යන බවටත් මාලදිවයින් සංචාරකයන්ගෙන් මෙරටට එම රෝගය ඇතුළුවීමේ අවදානමක් පවතින බවටත් වන ප්‍රකාශ පදනම් විරහිත බවද හෙතෙම පැවසීය. H1N1 රෝගය මෙරට තුළ වසර තුනක සිට පවතින බවත්, නුවරඑළිය, කින්නියා වැනි ප්‍රදේශවලින් විටින් විට එම රෝගයට ගොදුරු වූවන් වාර්තා වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.