මදුරු මර්දන සහායකයන් 1500ක් බඳවාගැනීමේවැඩසටහනේ පළමු අදියර යටතේ බස්නාහිර පළාත සඳහා බඳවාගෙනපුහුණුව අවසන් කළ මදුරු මර්දන සහායක නිලධාරීන් 500ක්ඊයේ (18දා) දින ක්ෂේත්‍ර රාජකාරි සඳහා යොදවන ලදී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී එය පැවැත්විණි. මෙම උත්සවය අමතා අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“ඩෙංගු මදුරු මර්දන සහායකයන් 1500ක් බඳවාගැනීමේදී අමාත්‍ය මණ්ඩලයේදී විවිධ ගැටලු ඇති වුණත්, අතිගරු ජනාධිපතිතුමා ඊට පූර්ණ සහයෝගය ලබාදුන්නා. මේ වනවිට 500ක් බඳවාගෙන ඇති අතර, ඉතිරි 100 ඉදිරියේදී බඳවාගැනීමට නියමිතයි. මෙම මදුරු මර්දන සහායකයන් 500 දෙනාගෙන් තෝරාගත් 100ක් ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ මදුරු මර්දන කටයුතු සඳහා ලබන සඳුදා සිට යෙදවීමට තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය සේවාව අද මුහුණදී ඇති ප්රබලතම අභියෝගය වන්නේ එච්.අයි.වී. සහ ඩෙංගු උවදුරයි. අනෙකුත් බෝවන රෝග අපි මර්දන කර තිබෙනවා. 2017 වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 21,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා. ඉන් 8800ක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. ඩෙංගු මදුරු මර්දනය ජාතික ව්‍යාපාරයක් ලෙස සලකා රාජ්‍ය නායකයා මෙම අවස්ථාවට එක්වීම මම අගය කරනවා. පසුගිය කාලයේ ඇති වූ ගංවතුර හා දේශගුණික විපර්යාස හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වැඩිවුණා."