2016 වසරේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත්, මේ වනවිට ඩෙංගු රෝගීන් 18,735 ක් සහ මරණ 24 ක් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.ඩෙංගු මර්දන කාර්යය පිළිබඳව ඊයේ (16දා) විශේෂ සාකච්ඡාවක් පැවති අතර, රෝග නිවාරණ කටයුතු සඳහා ඊයේ සිට දින 03 ක විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය කෙරිණි.
සෞඛ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මෙන්ම පොලිස් නිලධාරීන්ද නිවාස පරිශ්‍ර පරීක්ෂා කිරීම සඳහා ඒ අනුව කටයුතු කරනු ඇත.මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීමත්, එවැනි ස්ථානවලට විරුද්ධව නීත්‍යනුකූල පියවර ගැනීමත් සිදුවන අතර, ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වන කොළඹ, කොළොන්නාව, කඩුවෙල සහ දෙහිවල, ගල්කිස්ස, මහනුවර සීමාවල දෛනිකව දුමායන කටයුතු සිදුකිරීමද ඇරඹෙයි.
මේ සඳහා දුමායන යන්ත්‍ර 50 ක් යොදවා ඇති බවත්, 2016 වසරේදී මේ වනවිට කොළඹින් රෝගීන් 6,009 ක්, ගම්පහෙන් 1983 ක්, කළුතරින් 1,229 ක්, නුවරින් 952 ක්, ගාල්ලෙන් 791 ක්, යාපනයෙන් 1,259 ක් හා රත්නපුරින් 1,057 ලෙස රෝගීන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් පාලිත මහිපාල මහතා එහිදී පවසා සිටියේය.