මේ වසරේ ගතවූ සති 3 ක කාලසීමාවක් තුළ ඩෙංගු රෝගීන් 3118 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවාය. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගතවූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඇය සදහන් කළාය.