සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්ව ඇති ඩෙංගු මර්දනය කිරීමට සකස් කර තිබෙන වැඩපිළිවෙළ යටතේ ඩෙංගු මරණ අනුපාතය 2020 වනවිට 0.1%ක් දක්වා පහත දැමිය හැකි බව ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය අනෝජා වීරසිංහ මහත්මිය සඳහන් කළාය.
මීට අමතරව දැනට වාර්තා වන රෝගීන්ගේ ප්‍රමාණය 50%ක් අඩුකර ගැනීමටත් හැකියාව තිබෙන බවත්, මේ වසරේ පළමු මාස 04 තුළදී ඩෙංගු රෝගීන් 42,141ක් වාර්තා වී තිබෙන බවත් අද (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඇය සඳහන් කළාය.