යාපනය සරවියේ විද්‍යා අංශය අද (23) දහවල් සිට ලබන සැප්තම්බර් මස 04දා දක්වා තාවකාලිකව වසා දැමීමට යාපනය විශ්විද්‍යාලීය උපකුලපති රත්නම් විග්නේෂවරන් මහතා පියවර ගෙන ඇත.
යාපනය සරසවියේ විද්‍යා අංශයේ පළමු වසරේ ඉගෙනමු ලැබූ විජයරත්නම් වින්දුෂන් (23) සිසුවා යාපනය සරසවියේ කොණ්ඩාවිල් නේවාසිකාගාරයේ සිටියදී ඩෙංගු උණ වැලඳීමෙන් පසුගිය (20දා) ජීවිතක්ෂයට පත්වීම හා එම අංශයේම තවත් සිසුන් 09 දෙනෙකුට ඩෙංගු උණ වැලඳීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
මේ හේතුව නිසා සිසුන් පිරිසක් විසින් විද්‍යා අංශය තාවකාලිකව වසා දමන ලෙස එම අංශ පීඨාධිපති එම්.කුගනාදන් මහතාගෙන් ඉල්ලා තිබේ.
ඉන් අනතුරුව ඔහු විසින් මේ පිළිබඳව යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති රත්නම් විග්නේෂ්වරන් මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසුව මෙම තීරණයට එළඹ ඇත.