ඩෙංගු නිසා මාස 11කදී 417ක් ජීවිතක්ෂයට
මේ වසරේ ගෙවීගිය පළමු මාස 11ක කාලය තුළදී ඩෙංගු රෝගය වැලඳීම හේතුවෙන් පුද්ගලයන් 417 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මීට අමතරව ගෙවීගිය මාස 11ක කාලය තුළදී රජයේ රෝහල් තුළින් ඩෙංගු රෝගීන් 174,009 දෙනෙකු ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
පසුගිය මාසය තුළදී ඩෙංගු රෝගීන් 7,753 දෙනෙකු වාර්තා වී තිබෙන අතර, පසුගිය ඔක්තෝබර් මාසයේදී වාර්තා වීඇත්තේ ඩෙංගු රෝගීන් 6400ක ප්‍රමාණයක් පමණි.
මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා ගෙවීගිය කාලය තුළදී වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන් 174,009ක ප්‍රමාණයෙන් 40%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.
සමස්ත කාලය තුළදී කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 32,646 දෙනෙකු වාර්තා වී තිබෙන අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 30,150 දෙනෙකු හා මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,408 දෙනෙකු වාර්තා වී තිබේ.
කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 10,257 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 10,640 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 10,878 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 9,259 දෙනෙකු වශයෙන් ලංකාවේ දිස්ත්‍රික්ක 25න් රෝගීන් වාර්තා වී ඇත.
නගර සභා සීමාවන් ලෙස වැඩිම රෝගීන් වාර්තා වීඇත්තේ කොළඹ මහනගර සභා සීමාවෙන් වන අතර, ගෙවී ගිය මාස 11ක කාලය තුළදී එම බල ප්‍රදේශයෙන් රෝගීන් 5,282 දෙනෙකු වාර්තා වී තිබේ.
පසුගිය වසර පුරා රෝගීන් වාර්තා වී ඇත්තේ55,150ක් වන අතර, 2015 වසර පුරා රෝගීන් වාර්තා වී ඇත්තේරෝගීන් 29,777 දෙනෙකු පමණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


