මේ වසරේ ගෙවීගිය කාලය තුළදී ඩෙංගු රෝගය නිසා පුද්ගල මරණ 361 ක් සිදුව ඇතැයි වාර්තා වේ.
මීට අමතරව මේ වසරේ ගෙවීගිය කාලය තුළදී රෝගීන් 140,325 ක් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගෙන තිබේ.
මෙම පිරිසෙන් 28,684 ක් රෝගීන් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, රෝගීන් 25,601 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙනුත්, රෝගීන් 8230 ක් කළුතර දිස්ත්‍රික්කයෙනුත් වාර්තා වී ඇත.
අගෝස්තු මාසයේ ගෙවී ගිය කාලය තුළදී රෝගීන් 12,941 ක් වාර්තා වී තිබෙන අතර, පසුගිය වසරේ අගොස්තු මාසය තුළදීම වාර්තා වී තිබෙන්නේ රෝගීන් 4873 ක් පමණි. පසුගිය වසරේ සමස්ත කාලය තුළම වාර්තා වී තිබෙන්නේ ඩෙංගු රෝගීන් 55,150 ක් වන අතර, මේ වසරේ ගෙවීගිය කාලයේදී එම ප්‍රමාණය තුන් ගුණයකට ආසන්න වෙමින් තිබේ.
මේ මාසය තුළදී ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම අඩු අගයක් ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළද මේ මාසයේ ගෙවී ගිය කාලය තුළදීඩෙංගු රෝගීන් 12941 දෙනෙකු වාර්තා වී තිබේ.