ඩෙංගු නිසා පාසලට දඩ නියම කළොත් වගකීම පාසල් ප්‍රධානීන්ගේ
කිසියම් පාසල් පරිශ්රයකට ඩෙංගු මදුරුවන් බෝවීම යටතේ නීත්‍යනුකූලව යම් දඩමුදලක් නියම කළහොත් ඒ සඳහා පාසල් ප්‍රධානීන් වගකිවයුතු බවට අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව, සියලු පාසල් ඩෙංගුවලින් තොර කලාප බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන්, ගුරුභවතුන් හා අදාළ අනෙකුත් නිලධාරීන්ගේ සක්‍රිය සහභාගිත්වය ලබාදිය යුතු බවත්, කලාප මට්ටමින් ඒ පිළිබඳ අධීක්ෂණ වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු බවත් අධ්‍යාපන ලේකම්වරයා අවධාරණය කරයි.
එමෙන්ම පාසල් පරිශ්‍ර පිරිසුදු කිරීමට දෙමවුපියන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය ලබාගැනීමට කටයුතු කළ යුතු බවටද අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් සියලු පාසල් ප්‍රධානීන් දැනුවත් කර ඇත.
මීට අමතරව සතියේ සෑම ඉරිදා දිනකම පාසල් පරිශ්‍ර පවිත්‍ර කිරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම වෙනුවෙන් පාසල් ප්‍රධානීන් පියවරගත යුතු බවටදඅධ්යාපන ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය මඟින් සඳහන් කර ඇත.
මේ අතර 2018 වසරේ පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර, එනම්2017 දෙසැම්බර් 30,31 දෙදින තුළද දීපව්‍යාප්ත සියලු පාසල්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


