දිවයින පුරා මේ වනවිට ඩෙංගු රෝගය පැතිර යමින් පවතින අතර, දිස්ත්‍රික්ක 11 ක් අවදානම් තත්ත්ව සහිත දිස්ත්රික්කලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් නම් කර තිබේ.
කොළඹ, ගම්පහ,කළුතර,ගාල්ල, මාතර,හම්බන්තොට,මඩකලපුව,ත්‍රිකුණාමලය, යාපනය, කල්මුණේ,රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක එලෙස අවදානම් සහිත දිස්ත්‍රික්ක ලෙස දක්වා තිබේ.
එම ඒකකය ප්‍රකාශ කර සිටින්නේ සිදුකරන ලද කීට විද්‍යා සමීක්ෂණ දත්තවලට අනුව මදුරුවන් බෝවන ස්ථාන බහුලව පවතින අවදානම් පරිශ්‍ර ලෙසට ආයතන, පාසල්,ඉදිකිරීම් පරිශ්‍ර සහ ආගමික ස්ථාන හඳුනාගෙන ඇති බවයි.
මෙම වර්ෂයේ පළමු ඩෙංගු මර්දන වැඩසටහන පසුගිය 29 වැනිදා ආරම්භ වූ අතර, පළමු දිනය තුළදී දිවයිනම ආවරණය වන පරිදි පරිශ්‍ර 83,274 ක් පරීක්ෂාවට ලක්කර මදුරු කීටයන් සහිත පරිශ්‍ර 1,542 ක් හඳුනාගෙන තිබිණි.
එහිදී මදුරුවන් බෝවය හැකි පරිශ්‍ර 11,969 ක් නිවැරදි කිරීමට පියවර ගෙන ඇති බවත්, 3,389කට නොතිසී හා 573කට නඩු පැවරීමට කටයුතු කළ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේමබස්නාහිර පළාත තුළ පමණක් පරිශ්‍ර 23,491 ක් පරීක්ෂාවට ලක්ව ඇති අතර, ඉන් මදුරු කීටයන් සහිත පරිශ්‍ර 561 ක් හඳුනාගෙන තිබිණි.
එහිදී 1517කට නොතීසි සහ 260කට නඩු පැවරීමටද කටයුතු කර ඇතැයි සඳහන් වේ.කෙසේ වුවද 2017 වර්ෂයේ ගතවූ කාලය තුළ ඩෙංගු මරණ 40 ක් සිදුව ඇතැයි අමාත්‍යාංශය වාර්තා කරයි.