එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි සේවය කරන ශ්‍රීලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, සුභසාධනය මෙන්ම නීති විරෝධී මිනිස් වෙළෙඳාමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග ශ්‍රී ලංකාවේ විදේශ රැකියා අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුමකට එළඹිණි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම ගිවිසුම අත්සන් කළ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් එරට මානව සම්පත් අමාත්‍ය නසාර් තානි අල් හමාලි මහතා අත්සන් කළේය.
මේ පිළිබඳ අදහස් දැක්වූ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමත් සමගම මිනිස් වෙළෙඳාමට එරෙහි නීති තදින් ක්‍රියාත්මක කිරීමට හැකිවන බවයි. එමගින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සුරක්ෂිතව ඩුබායි රාජ්‍යයේ සේවය කිරීමට හැකිවන බවත්, එමගින් ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවස්ථාව උදා වී ඇති බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.