ඩුබායි ගිණුම් තොරතුරු ලැබුණා - මිග් ගනුදෙනුවේ මුදල් හොංකොංවල
ඩුබායි බැංකුවල පවතින මුදල් පිළිබඳව සියලු තොරතුරු සොයාගත් බවත් මීට අමතරව මිග් යානා ගනුදෙනුවේ මුදල් හොංකොං ගිණුමක තැන්පත් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
බොරැල්ල කැම්බල් පිටියේදී අද (07දා) පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
“පසුගිය රජය සමයේ සිදු කළ වංචා, දුෂණ සහ මනුෂ්‍ය ඝාතන පිළිබඳ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. ඩුබායි බැංකු ගිණුම්වල පවතින මුදල් පිළිබඳව සියලු තොරතුරු සොයාගෙන තිබෙනවා. එක් ගිණුමක ඩොලර් මිලියන 1086 ක් තිබෙනවා. තවත් ගිණුමක ඩොලර් මිලියන 1800 ක් ද, හිටපු මන්ත්‍රීවරයෙකුගේ ගිණුමක ඩොලර් මිලියන 500 ක් තැන්පත් කර තිබෙනවා.
රණවිරුවෙකු බව ප්‍රකාශ කළ රාජපක්ෂගේ මිග් යානා ගනුදෙනුවෙන් සොරකම් කළ මුදල මීට වඩා වැඩියි. එය සුපිරි ගැහිල්ලක්. එහි මුදල් හොංකොං බැංකු ගිණුම්වල තැන්පත් කර තිබෙනවා. මෙම මිග් යානා ගනුදෙනුවට අදාළ නිවැරදි ගිවිසුම සහ හොර ගිවිසුම ලැබී තිබෙනවා. මෙම ගනුදෙනුවේ තොරතුරු හෙළිකරපු නිසා තමයි ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන් ඝාතනය කෙරුණේ.” යැයි ද පවසා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
