ඩීසල් ලීටර් 9 ලක්ෂයක් සමග මැලේසියාවට අයත් ඉන්ධන ප්රවාහන නෞකාවක් පැහැරගෙන ඇති බවත්, එම නෞකාව ඉන්දුනීසියාවට අයත් මුහුදට රැගෙන ගොස් ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
MT Vier Harmoni නමැති මෙම නෞකාව මැලේසියාවේ ටැන්ග්ජුආන්ග් පෙලිපාස් වරායේ සිට යාත්රා කරමින් සිටියදී මෙසේ පැහැරගැනීමට ලක්ව තිබේ.
මැලේසියානු නාවික ආරක්ෂක ඒජන්සිය පවසන පරිදි මේ වනවිට එම යාත්රාව ඉන්දුනීසියාවට අයත් බාටාම් දූපත ආසන්න මුහුදේ පවතින බව විශ්වාස කෙරෙයි.
මෙම නෞකාවේ තිබූ ඩීසල් තොගයේ වටිනාකම ඇ.ඩො. 4 ලක්ෂයකට ආසන්න බවත්, එම නෞකාව පැහැරගත් පිරිස මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.