ඩීසල් අඩු වුණාට බස් ගාස්තු අඩු කරන්න බැරිලු
ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු වී තිබෙන නිසා බස් ගාස්තු සංශෝධනය කිරීමට පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සාකච්ඡා පැවැත්වුවත්, ගාස්තු සංශෝධනයේදී සලකා බලන අනිකුත් සාධක 11 මත තබා තිබෙන බදු ඇතුළු අනෙකුත් අයකිරීම් සහ ගාස්තු පිරිවැය සියයට සියයකින් ඉහළ ගොස් තිබෙන බව බස් හිමියන්ගේ සංගම් සඳහන් කරයි.
මේ නිසා ඩීසල් මිල රුපියල් 10 කින් අඩුවීමේ පදනම මත ගාස්තු සංශෝධනය කිරීමට හැකියාවක් නොමැති බවත්, එයට හේතුවක් වී තිබෙන්නේ 2014 වසරේදී බස් හිමියන්ට ලැබිය යුතු 6% ක ගාස්තු සංශෝධනය ලබාදීමටවත් කටයුතු නොකිරීම බවත් එම සංගම් නියෝජිතයෝ පවසා සිටිති.
මේ නිසා මගී ජනතාවට සහන සැලසීමට නම් වහාම බස් ගාස්තු සංශෝධනයේදී සලකා බලන අනෙකුත් සාධක 11 මත තබා තිබෙන බදු ඇතුළු අනෙකුත් අය කිරීම් වහාම පහත හෙළිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළේය.
සෑම වසරකදීම වගකිව යුතු ආයතන ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව මිල සූත්‍රයක් එළිදැක්විය යුතු බවත්, එහෙත් මෙතෙක් මේ වසරට අදාළ මිල සූත්‍රය එළිදක්වා නොමැති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

