2013 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා ලෑන්ඩ් රෝවර්, ඩිෆෙන්ඩර් 60ක් ආනයනය කර ඇති බවත් එය ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ආනයනය කර ඇත්දැයි සොයා බලන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. එසේම ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 2,320,000 ක් හා රුපියල් මිලියන 69ක් වියදම් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.