ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ දැන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදි ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වු කිසිම ක්‍රීඩකයෙක් මිලදී ගැනීමට කණ්ඩායම් ඉදිරිපත් නොවීය. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිවුස් හා තිලකරත්න ඩිල්ශාන්ද වෙන්දේසි නොවිය.
තිලකරත්න ඩිල්ශාන්ට හා ඇන්ජලෝ මැතිවුස්ට ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික මිලක් නියම වී තිබුණි.
2014 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් මිලදී ගැනීමේ වෙන්දේසියේදී පුනේ වොරියස් කණ්ඩායමට ක්‍රීඩාකළ යුවරාජ් සිං මෙරට මුදලින් රු. කෝ. 29.26 ක පමණ මුදලකට මිලදී ගැනීමට මීට ටික වේලාවකට පෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හිමිකරුවන් කටයුතු කරනු ලැබීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මහේල ජයවර්ධන පළමු වටයේදී මිලදී ගැනීමට කිසිදු කණ්ඩායම් හිමිකරුවෙකු ඉදිරිපත් නොවීම විශේෂයෙන් කැපී පෙනුණි.
එමෙන්ම පසුගිය දින කිහිපය පුරාවට මතභේදයට තුඩු දුන් කෙවින් පීටර්සන් මෙරට මුදලින් රු. කෝ. 18.81කට මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් හිමිකරුවන් ඉදිරිපත් වුවද, ඔහු ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායම එම මුදලට කෙවින් පීටර්සන් තවදුරටත් තම කණ්ඩායමේ රඳවා ගැනීමට කටයුතු කරනු ලැබීය.
තවද ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ විරේන්ද්‍ර සේවාග් මෙරට මුදලින් රු. කෝ. 6.6කට මිලදී ගැනීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් හිමිකරුවන් කටයුතු කරනු ලැබීය. සේවාග් මීට පෙර ක්‍රීඩා කරනු ලැබුවේ දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම සමගිනි. කෙසේ වෙතත් ශේවාග් වැනි ක්‍රීඩකයෙකු මෙවර වෙන්දේසිවූයේ ඉතාම අඩු මුදලකට බව විචාරකයින් පෙන්වාදේ.
අද උදෑසන ආරම්භ වූ මෙම ක්‍රීඩක වෙන්දේසිය හෙට දිනයේදීත් පැවැත්වීමට නියමිතය.