ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනේ ඩිමොක්රටික් අපේක්ෂකත්වය තහවුරු කරගැනීමට හිලරි ක්ලින්ටන් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්ව නාමයෝජනා සඳහා වූ ඡන්ද විමසීමේ ප්‍රතිඵල ගණනය කිරීමේදී, ඒ සඳහා අවශ්‍යව ඇති සාමාජික ඡන්ද 2,383ක් මේ වනවිටත් දිනාගැනීමට ඇය සමත්ව තිබීම මීට හේතුවයි.
කෙසේ වෙතත්, මේ සමගම ඇමෙරිකානු ඉතිහාසයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක ජනාධිපතිවරණ නාමයෝජනාවකට කාන්තාවක් තේරීපත් වූ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක්වනු ඇත.
එනමුදු, ඩිමොක්රටික් අපේක්ෂකත්වය සඳහා හිලරි සමග තරගයක යෙදුණු බර්නි සැන්ඩර්ස් පවසන්නේ තවමත් හිලරිට අපේක්ෂකත්වය හිමිවී නොමැති බවයි. එය ඩිමොක්රටික් පක්ෂයේ සුපිරි නියෝජිත ඡන්ද මත තීරණය වනු ඇති බවත් ඔහු කියයි.