සිනමාහල් වෙත ඩිජිටල් තාක්ෂණය එක් නොකළහොත් තවත් මාස හයක් ඇතුළත සිනමාහල් වැසීයාමේ තත්ත්වයක් උදාවී ඇති බවත්, ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් ලෝකය ශීඝ්‍ර‘යෙන් ඉදිරියට ගියද ලංකාවට තවමත් එම තාක්ෂණය එක් කරගැනීමට නොහැකි වී ඇති බවත්ජනමාධ්ය අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
අද (13දා) පදනම් ආයතනයේදී ආරම්භ වූ ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ජාතික සමුළුව අමතමින් හෙතෙම මේ බව පැවසීය.