බංග්ලාදේශයේ, ඩකා අගනුවර ඉතාලි අවන්හලට එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවේ පසුවන බව එරට පොලීසිය පවසයි.
ඒ අනුව, ප්‍රහාරයට පැමිණි අයෙකු එම අවස්ථාවේදී අත්අඩංගුවට පත්වූ බවත්, අනෙක් තැනැත්තා මුලින් එම අවන්හලේ සිට බේරාගත් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස සැලකූ පුද්ගලයෙකු බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
මේ අතර, මෙම ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත්වූ එක් ත්රස්තවාදියෙකුගේ පියා බංග්ලාදේශයේ වත්මන් පාලක පක්ෂයට සම්බන්ධ දේශපාලඥයෙකුගේ පුත්‍රයෙකු ලෙසද හඳුනාගෙන තිබේ.
IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබුණත්, බංග්ලාදේශ රජය තවමත් මෙම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
මේ අතර, අත්අඩංගුවට පත්වූවන් අතර, මුලින් ප්‍රාණ ඇපකරුවෙකු යැයි සිතූ තැනැත්තා පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබුණේ, ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී සිද්ධිය ඇසින් දුටුවෙකු විසින් සිදුකළ පටිගත කිරීමක පෙරකී තැනැත්තා ත්රස්තවාදීන්ට සහාය දක්වන හැසිරීමක් පෙන්නුම් කර තිබූ නිසාය.
ඩකා අගනුවර අවාමි ලීග නායකයා මෙන්ම, එරට ඔලිම්පික් කමිටුවේ නියෝජ්‍ය මහලේකම්වරයාද වන ඉම්ටියාස් ඛාන් තම පුත්‍රයා වන රොහාන් ඉබ්නේ ඉම්ටියාස් මියගිය ත්රස්තවාදීන් අතර සිටිනු දැක විමතියට පත්වූ බවද පවසා තිබේ.
පසුගිය දෙසම්බර් මාසයේ සිට සිය පුත්‍රයා අතුරුදන් වූ බවත්, ඔහු කුඩා අවදියේ සිට දවසට පස් වතාවක් ආගම සිහිකරන්නෙකු බවත් ඔහු පවසා ඇත. එමෙන්ම, තම නිවසට අඩි 25ක් තරම් ආසන්නයේ වූ පල්ලිය වෙත තම සීයා සමග නිතර ආගිය පුතා, කිසිදු වෙනසක් නොපෙන්නූ බවත් ඔහු සඳහන් කරයි. එමෙන්ම ඔහු මෙවැනි අන්වාදී පසුබිමක සිටින බව හැඟවෙන පතපොත හෝ නිවසේ නොතිබූ බවත් ඔහු පවසා තිබේ.