දෙමළ වැසියන්ගේ ප්රශ්න වලට සාධනීය විසඳුමක් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන්ම ප්රකාශ නොවීම නිසා ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය කුමන අපෙක්ෂකයාට සහාය දක්වනවාද යන්න තිරණය කර නැති බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්රීක් පාර්ලිමේන්තු මන්ත්රී සුරේස් පේ්රමචන්ද්රන් මහතා පැවැසීය.
වව්නියාවේදී ඊයේ (06දා) පැවැති ප්රවෘති සාකඡ්චාවකදී හෙතෙම මෙම අදහස් ප්රකාශ කළේය.
කෙසේ වෙතත් මෙම අපේක්ෂකයින් දෙදෙනා ඉදිරියේදී ගනු ලබන තීරණයන් පිළිබඳවත් ඉතා සාවදානව බලා සිටිමින් අපේක්ෂකයින් දෙදෙනාගෙන් අයෙකුට සහය දෙන්නේද දෙදෙනාටම නොදී සිටින්නේද යන්න අවසන් තීරණයක් ගන්නා බවත් සුරේස් පේ්රමචන්ද්රන් මන්ත්රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.